Thursday, December 27, 2012

1.මේ විසල් අහස යට
මා තරම් පෙම්කල
කෙනෙක් නැතිව ඇති නුඹට ..
ඒ වුනත් මගේ පැතුම
මට වඩා 
පෙම් කරන හිතක් ..
නුඹට මුණ ගැසේවා හෙට ..


2. හසරැල්ලක් වී
මුව මඩල වසන්නම්
සිතුවිල්ලක් වී
සිත පුරා එතෙන්නම්
සුසුමක් වී
හදේ සැංගී ඉන්නම්
සෙවනැල්ලක් වී
නුඹ පසු පස එන්නම්
3.සංසාර පුරුද්දද මේ...
මේ හමුවීමේ අරුමේ...
හිමි නොවනා බව දැනුනත්, 
වෙන්වීමක් නොමැති...

සමරු සයුරකි ආදරේ,
මියුරු රහසකි ආදරේ...
හිමි නොවනා බව දැනුනත්,
වෙන්වීමක් නොමැති...

තුන් හිතකින්වත් නොසිතූ,
එක බැල්මෙන් පැතුම් පැතූ...
දෛවය පෙන්වූ පරිදි,
හමුවීම අහම්බයකි...
හිමි නොවනා බව දැනුනත්,
වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේ,
මියුරු රහසකි ආදරේ...


No comments:

Post a Comment