Tuesday, November 27, 2012

I Just Want to Spend My Life with You

සිත පුරා ආදරය
නුබට මම පුදන්නම්...
සෙනෙහසින් තුරුළු කර
ඔය කොපුල් සිබින්නම්....
දුක් කදුළු පිසදමා
හසරැල්ම මවන්නම්...
මතු මතුත් හැම භවයේ
මම නුබම පතන්නම්...


ජීවිත කාලෙම ඔයා ලගින්ම ඉන්න මවපු හීන එකින් එක බොදවෙලා යනවා,
ආදරෙන් හිටපු අපි දෙන්නට ඈත්වෙලා යන්න කාලෙ ඇවිත්,
ඔයාට ඔයාවත් මට මාවත් අයිති නැති ලෝකෙක ඉපදුනු වරදට ලැබුනු දඩුවම තමයි මේ,
සම්මතයි කියන ලෝකයක් ඉස්සරහා අපේ ආදරෙ විතරක් අසම්මතයක් වෙද්ද
ි අපිට අපේ ආදරේ රැකගන්න ශක්තියක් නෑ වස්තු,
කාටවත්ම වරදක් නොවුනු අපේ මේ අහි0සක ආදරය අපේ හිත් වලටම සීමා කරගමු,
මේ ජීවිතේ ඉක්මනින්ම නිමාවක් දැකලා අපිට අපේ වෙන්න බැරිවුනු හැම බැම්මක්ම නැති කරලා දාලා ඊගාව ආත්මේ මම ඔයාගෙම මැණික වෙලා එනවා වස්තු,ඔයාගෙම මැණික වෙලා එනවා වස්තු,
අනේ මගේ හිත ඔච්චර පරිස්සම් කරන්න එපා බබා
මගේ හිත රිදෙයි කියලා දුක තනියම දරාගෙන ඔයා හිතින් දුක් විදිනවා
අපි දෙන්නා දෙන්නෙක් නෙමෙයි නේ.
ඒ නිසා විදින දුකක් සතුටක් අපි දෙන්නා
ම එකතු වෙලා විදිමු.
මේ හැමෝම අපිට දවසක ඇගිල්ල දික් කරයි.
ඒ කිසි දෙයකින් ඔයාවත් මමවත් හිත රිද්දගන්න ඕනේ නෑ බබා.
අපිට අපේ ආදරේ විශ්වාසයි නම් ඒ ඇති






No comments:

Post a Comment